විශ්ව විද්‍යාල පනතට අත තියන්න එපා - විපක්‍ෂ නායක
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
18

විශ්ව විද්‍යාල පනතට අත තියන්න එපා - විපක්‍ෂ නායක

විශ්ව විද්‍යාල පනතට අත තියන්න එපා - විපක්‍ෂ නායක

ජනතා විරෝධි අරමුණු ඉටුකරගැනීම සඳහා විශ්වවිද්‍යාල පනතට අත නොතබන ලෙසත් ජනතාව දශක ගණනාවක් බුක්ති විඳිමින් සිටි නිදහස් අධ්‍යාපනයේ වරප්‍රසාදය කප්පාදු කිරීම නොකරන ලෙසත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.

 

රජය හිතුවක්කාර ලෙස විශ්වවිද්‍යාල පනත සංශෝධනය කර හෝ යෝජිත කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සම්මත කරගැනීමට උත්සාහ කරන්නේ නම් විද්වත් මහා සංඝරත්නය, සිවිල් සංවිධාන, අනෙකුත් දේශපාලන පක්ෂ සහ මෙරට සමස්ත ජනතාව ඒකරාශී කරමින් රජයේ එම උත්සාහය පරාජය කිරීමට අධිෂ්ඨානශීලීව කටයුතු කරන බවද විපක්ෂනායකවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

 


“ජුලි මස 16 වන දින පැවති බෞද්ධ උපදේශන සභාව හමුවේ අදහස් දැක්වු ජනාධිපතිතුමා ප්‍රකාශ කර ඇත්තේ 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතෙහි කොටස් සංශෝධනය කොට හෝ යෝජිත කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සම්මත කරගන්නා බවයි. විධිමත් සාකච්ඡාවකින් හා සම්මුතියකින් තොරව විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීමට යාමෙන් මෙරට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය දැඩි අර්බුදකාරි තත්වයකට තල්ලු‍ වී යා හැකි බව ද වගකිව යුතු විපක්ෂයක් වශයෙන් අප මතක් කර සිටිමු”‍ යැයිද එම නිවේදනයේ සඳහන්වේ. 

views

777 Views

Comments

arrow-up