පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්ට නුදුරේදීම නඩු - අධිකරණ අමාත්‍ය අලි සබ්රි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන්ට නඩු පැවරීම අවසාන අදියරේ පවතින බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සඳහන් කරයි.
ඒ සම්බන්ධව අදාළ සැකකරුවන්ට නුදුරේදීම අධි චෝදනා ගොනු කෙරෙනු ඇතැයිද හෙතෙම පැවසීය.
නීතිපතිවරයා මෑතකදී ජනාධිපතිවරයා හමුවූ බවත් ජනාධිපතිවරයා එහිදී මේ සම්බන්ධයෙන් විමසීම් කළ අවස්ථාවේදී නීතිපතිවරයා විමර්ශනවල ප්‍රගතිය විස්තර කළ බවත් අධිකරණ ඇමතිවරයා වැඩි දුරටත් කීවේය.
විමර්ශන කාර්යක්ෂම කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව විශේෂ කණ්ඩායම් කිහිපයක්ම යොදවනු ලැබ සිටින බවද අලි සබ්රි මහතා සඳහන් කලේය.
මේ වනවිට පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සියයකට වැඩි පිරිසක අත්අඩංගුවට ගනු ලැබ සිටින අතර මින් පිරිසක් රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින අතර තවත් පිරිසක් රැඳවුම් නියෝග යටතේ පොලිසිය භාරයේ පසුවෙති.
815 Views
Comments