පිම්මේ ගොස් ටිපර් රියේ ගැටුණු ත්‍රිරෝද රථය

හැටන් - නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කොටගල උමං මාර්ගය අසල ත්‍රිරෝද රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් වු අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන් ගත රියදුරා සහ මගියකු බරපතල තුවාල ලබා කොටගල රෝහල වෙත ඇතුලත් කර තිබේ.
මූලික ප්‍රතිකාර වලින් අනතුරුව තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල බැවින් ඔවුන් දෙදෙනා නුවරඑලිය මහ රෝහල වෙල මාරු කර යැවු බව දිඹුල පොලිසිය කියයි.
ත්‍රිරෝද රථයේ සහ ටිපර් රථයේ අධික වේගය අනතුරට හේතුවී ඇති බවත් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බවත් දිඹුල පොලිසියේ ප්‍රකාශකයෙක් කියා සිටියේය.
2268 Views
Comments