JUL
29
යකඩ, පිත්තල හා ඇලුමිනියම් කර්මාන්තකරුවන්ට ගැටලුවක්

යකඩ, පිත්තල හා ඇලුමිනියම් ආශ්‍රිත නිෂ්පාදන සිදු කිරීමේදී ඒවා උණු කිරීම සඳහා භාවිත කරන ගල් අඟුරු මිල ශීඝ්‍ර ලෙස ඉහළ යෑමත් සමග අදාල නිෂ්පාදනය කරන ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් දැඩි දුෂ්කරතාවයකට පත්ව තිබෙනවා.
මේ වන විට ගල් අඟුරු කිලෝග්‍රෑමයක් රුපියල් 650ක් වන අතර මීට මාසයකට පමණ පෙර ගල් අගුරු කිලෝවක් අලෙවි වූයේ රුපියල් 170ක් වැනි මුදලකටයි.
අදාල ක්‍රියාවලිය සඳහා ගල් අඟුරු හැර වෙනත් විකල්පයක් නොමැති බැවින් ඇතැම් නිෂ්පාදන විදේශ වෙළෙඳ පොළ වෙත යොමුකර ඩොලර් ඉපයීමට ද බාධා මතුව ඇති බවයි සඳහන් වන්නේ.
285 Views
Comments