කොරෝනා නිසා මව්පියන් අහිමි වූ දරුවන්ට ශිෂ්‍යත්වයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
09

කොරෝනා නිසා මව්පියන් අහිමි වූ දරුවන්ට ශිෂ්‍යත්වයක්

කොරෝනා නිසා මව්පියන් අහිමි වූ දරුවන්ට ශිෂ්‍යත්වයක්

කොවිඩ් වසංගතයෙන් මව්පියන් අහිමි වූ වයස අවුරුදු 20ට අඩු දරුවන් වෙනුවෙන් අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

 

ජනාධිපතිවරයාගේ සංකල්පයකට අනුව ආරම්භ කරන ලද "ඉටුකම කොවිඩ් -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල" යටතේ මෙම ශිෂ්‍යත්වය වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

 

ඒ සඳහා පහත දැක්වෙන ආකාරයට අයදුම්පත් සකස් කර ලියුම් කවරයේ වම්පස ඉහළ කෙළවර "කොවිඩ් -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලින් අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීම" ලෙස සටහන් කර; ලේකම්, කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල, ජනාධිපති කාර්යාලය, කොළඹ 01 යන ලිපිනය වෙත යොමුකර යුතුය.

 

1. මව/පියාගේ මරණ සහතිකයේ සහතික කළ පිටපත

2. දරුවන්ගේ උප්පැන්න සහතිකයේ සහතික කළ පිටපත

3. මරණය සිදු වූ ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරීවරයාගේ තහවුරු කිරීමේ ලිපිය

4. දරුවන් පාසල් යන බවට විදුහල්පතිවරයාගේ තහවුරු කිරීමේ ලිපිය සමඟ අයදුම්පත්

views

709 Views

Comments

arrow-up