ලංකාවේ ලක්ෂ පහක රැකියා අවධානමේ

පාවහන් සහ සම් භාණ්ඩ නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය හිඟවීම නිසා නිෂ්පාදනය ඇනහිටීමෙන් ක්ෂේත්‍රයේ ලක්ෂ පහක පමණ පිරිසකගේ රැකියා අහිමිවීමේ අවදානමක් මතුව ඇතැයි පාවහන් සහ සම් භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.
රටේ පාවහන් නිෂ්පාදනනයෙන් සියයට 95ක් පමණ අමුද්‍රව්‍ය ආනයනය කර මෙරටදීම නිපදවීමට හැකියාව තිබියදී එයට අවස්ථාව මගහැර එම අවස්ථාව අහිමි කර ඇත්තේ විදෙස් රටවලින් ගජ මිතුරන්ට බාල නිමි භාණ්ඩ ගැන්වීම සඳහා අවස්ථාව ලබා දීමට දැයි සැකයක් මතුවන බව එම සංගමයේ උප සභාපති ප්‍රියංක නෙවිල් මහතා කොළඹදී (28)පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.
අයවැය සකස් කිරීමට පෙර තම සංගමයද අදහස් හා යෝජනා බලධාරීන් ඒවා මග හැර ඇතැයිද හෙතෙම පෙන්වා දුන්නේය.
721 Views
Comments