කෝටිපති මිතුරාගේ ක්‍රෙඩිට් කාඩ්පතට විද්ද හොඳම මිතුරා අත්අඩංගුවට

වැල්ලවත්තේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකුගේ ක්‍රෙඩිට් කාඩ්පත සොරකම්කර රුපියල් ලක්ෂ 5කට වඩා වැඩි මුදලක් ලබා ගෙන තවත් රන්බඩු මිළදී ගත්බව කියන සැකකරුවෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු එම ව්‍යාපාරිකයා වසර 20ක් පමණ කාලයක සිට ඇසුරු කරන ඔහුගේ හොඳම මිතුරා බව අනාවරණය වී තිබේ.
කෝටිපති ව්‍යාපාරිකයා සහ සැකකරු වැල්ලවත්ත ප්‍රදේශයේ හෝටලක මත්පැන් සාදයක් පවත්වා ඇති අතර එහිදී සැකකරු ව්‍යාපාරිකයාගේ ක්‍රෙඩිට් කාඩ්පත සොරාගෙන ගොස් රන් බඩු හා මුදල් ලබාගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.
ක්‍රෙඩිට් කාඩ්පතෙන් රුපියල් ලක්ෂ 4කට අධික රන් බඩු හා මුදල් ලබාගෙන ඇති බවට ව්‍යාපාරිකයා පොලිසයට කළ පැමිණිල්ල අනුව පරීක්ෂණ පවත්වා සැකකරු වන ඔහුගේ මිතුරා අත්අඩංගුවට ගෙන තිබේ.
704 Views
Comments