NOV
25
මංගලගේ භෂ්මාවශේෂ මහජන ගෞරවය සඳහා

කොවිඩ් ආසාදිත ව මියගිය හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ තෙමස් පූර්ණය අදට යෙදී තිබෙනවා.
ඒ වෙනුවෙන් ඒ මහතාගේ භෂ්මාවශේෂ මහජන ගෞරවය සඳහා අද බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබෙනවා. ඊට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු පිරිසක් අවසන් ගෞරව දක්වා තිබෙනවා.
මෙම භෂ්මාවශේෂ අද පස්වරු 6 ට මාතරට රැගෙන ඒමට නියමිත අතර හෙට පස්වරු දෙකට මාතර නූපේ පැරණි ලන්දේශි ශාලාවේ දී මහජන ගෞරවය සඳහා තැන්පත් කිරීමට නියමිතයි.
820 Views
Comments