මනෝවිද්‍යා දේශකයා ලඟ ගිනි අවියක් - 4ක් අත්අඩංගුවට

බදුල්ල හාලිඇළ ප්‍රදේශයේ පාසලක ශිෂ්‍යයන් සඳහා මනෝ විද්‍යාව වැඩසටහනක් පැවැත්වීමට පැමිණි දේශකයෙකු සහ ආරක්ෂකයින් තිදෙනකු වායු රයිෆලයක් සහ උණ්ඩ 129ක් හා වෝකි ටෝකි 3ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මෙම පුද්ගලයා සතුව ගිනි අවියක් ඇති බවට හාලිඇල පොලිසියට ලද තොරතුරකට අනුවයි.
මෙම උපදේශයකයා පාසලේ දේශනයක් සඳහා සහභාගී වුවද ඔහු කිසිදු ලියාපදිංචි ආයතන වැඩසටහන පැවැත්වීම සඳහා සුදුසුකම් ලද්දෙකු නොවන බවට අනාවරණය වී ඇති අතර ඔහුගේ වැඩසටහන සඳහා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ හෝ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ අනුමැතිය ද හිමි වී නොමැත.
922 Views
Comments