කිරිපිටි ආනයනයට ඩොලර් නෑ - හිඟය තවදුරටත්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
14

කිරිපිටි ආනයනයට ඩොලර් නෑ - හිඟය තවදුරටත්

කිරිපිටි ආනයනයට ඩොලර් නෑ - හිඟය තවදුරටත්

කිරිපිටි ආනයනය කිරීම සඳහා බාධාවක් වී ඇති ඩොලර හිඟයට විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලමින් කිරිපිටි ආනයනකරුවන් පාරිභෝගික ආරක්ෂණ අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

 

ඔවුන් කියා සිටින්නේ මෙයට විසඳුමක් ලබා නොදුනහොත් කිරිපිටි හිඟය දිගටම පවතිනු ඇති බවයි.

 

ඩොලර් හිඟය හේතුවෙන් ආනයනය කිරීමට හැකිව තිබෙන්නේ කිරිපිටි අවශ්‍යතාවයෙන් සියයට 50 ක් පමණි.

 

එමෙන්ම කිරිපිටි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ ඉදිරියේදී නැවතත් ආනයනික කිරිපිටි වල මිලෙහි සංශෝධනයක් සිදු වනු ඇති බවයි.

views

721 Views

Comments

arrow-up