ඇඟලූම් කම්හල් බසය ගසේ හැපී 26කට තුවාලයි - රියැදුරාට කොරෝනා
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
08

ඇඟලූම් කම්හල් බසය ගසේ හැපී 26කට තුවාලයි - රියැදුරාට කොරෝනා

ඇඟලූම් කම්හල් බසය ගසේ හැපී 26කට තුවාලයි - රියැදුරාට කොරෝනා

ති‍්‍රකුණාමලයේ සිට මංකිබි‍්‍රජ් ප්‍රදේශයේ පිහිටි ඇඟලූම් කම්හලකට සේවක සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබූ පෞද්ගලික බස් රථයක් වේගය පාලනය කර ගත නොහැකිව ඊයේ(07) උදෑසන මාර්ගය ආසන්නයේ විශාල ගසක හැපී මීටර් 500ක් දුර කැලෑවේ නැවතී තිබේ.

 

 මෙම අනතුරින් බස් රථයට දැඩි අලාභහානි සිදුව ඇති අතර බස් රථය පැදවූ රියැදුරු කොවිඩ් ආසාදිතයෙකු බව ඇන්ටිජන් පරීක්‍ෂාවේදී අනාවරණය වී ඇත.

 

 සිද්ධිය සිදුවන අවස්ථාවේදී ඇඟලූම් සේවිකාවන් හතළිහකට අධික පිරිසක් බස් රථයේ සිට ඇති අතර ඉන් 26 දෙනෙකු සුළු තුවාල ලබා ති‍්‍රකුණාමලය රෝහලට ඇතුළත් කර තිබේ. 

 

ති‍්‍රකුණාමලය පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

views

748 Views

Comments

arrow-up