පසේ සංයුතිය අනුව පොහොර යෙදීමට ගොවීන්ට උපදෙස්

යල කන්නයේ සිට පස් පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් සිදුකර අවශ්‍යතාවයට අනුව පොහොර යෙදීමට ගොවීන් දැනුවත් කළ යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහා කරනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.
පසේ සංයුතිය නිසිලෙස වටහාගෙන අවශ්‍ය පොහොර යෙදීම සිදුකළහොත් රසායනික පොහොර ආනයනය සීමා කළ හැකි බව මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා.
මෙලෙස පස පරික්ෂා කිරීම සඳහා අවශ්‍ය වන උපකරණ ගොවිජන සේවා මධ්‍යස්ථාන 362කට ලබාදී ඇති අතර තවත් මධ්‍යස්ථාන 200කට ඒවා ලබාදීමට නියමිතයි.
785 Views
Comments