කංසා වගාවට නීතිගේන යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
08

කංසා වගාවට නීතිගේන යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි

කංසා වගාවට නීතිගේන යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි

කංසා අපනයන බෝගයක් ලෙස වගා කිරීමට අවශ්‍ය නීති කඩිනමින් සම්පාදනය සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවේ දී ඊයේ(07)සම්මත විය.

 

සමගි ජන බලවේගයේ මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය යෝජනාව ඉදිරිපත් කරනු ලැබූ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා එම යෝජනාව ස්ථිර කළේය.

 

ඩයනා ගමගේ මහත්මිය යෝජනාව ඉදිරිපත් කරමින් සඳහන් කළේ මේ වන විට ලොව රටවල් බොහෝමයක් කංසා බෝගයක් ලෙස වගා කර ආදායමක් උපයන බවයි.

 

මෙම අවස්ථාවේදී මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් යෝජනාවට පක්ෂව කරුණු ඉදිරිපත් කළහ.

views

811 Views

Comments

arrow-up