මෝටර් රථයක් මිලට ගැනීමට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

මෝටර් රථයක් මිලට ගැනීම සදහා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කළ 48 හැවිරිදි බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්, තෙල්දෙණිය විශේෂ අපරාධ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
දිගන ප්‍රදේශයේ පුද්ගලික හා රාජ්‍ය බැංකු ගිණුමක රුපියල් ලක්ෂ 28ක මුදලක් ඇති බවට බැංකු කළමනාකරුගේ අත්සනින් යුත් ව්‍යාජ ලේඛනයක් සකසා පසුව එය රුපියල් ලක්ෂ 24ක් වටිනා මෝටර් රථයක් ලීසිං ක්‍රමයට මිලට ගැනීමට අදාල මූල්‍ය ආයතනයට ඉදිරිපත් කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේය.
එතුමා තවදුරටත් කියා සිටියේ සැකකරු අද තෙල්දෙණිය අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
1026 Views
Comments