රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණය පවත්වන ලෙස අධිකරණ නියෝගයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
23

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණය පවත්වන ලෙස අධිකරණ නියෝගයක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණය පවත්වන ලෙස අධිකරණ නියෝගයක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණය අතුරු පාලක මණ්ඩලයක් පත්කර නැවතත් නාමයෝජනා කැඳවා පවත්වන්නැයි මොරටුව දිසාධිකරණය නියෝග කර තිබේ.

 

අධිකරණය විසින් මෙම නියෝගය ලබා දෙනු ලැබුවේ වෛද්‍යවරුන් කිහිප දෙනෙකු අධිකරණය හමුවේ ඉදිරිපත් කළ පෙත්සමක් ඊයේ විභාගයට ගැණුනු අවස්ථාවේ දීය.

 

නිලවරණය සඳහා නාමයෝජනා ප්‍රතික්ෂේප වී සිටින පෙත්සම්කාර වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාට නැවතත් නාමයෝජනා ලබාදෙන ලෙසටද අධිකරණය නියෝග කළා.

 

දැනට පත්කර ඇති තනතුරු වල නිල කාලය අවසන් බැවින් ඔවුන්ට තවදුරටත් එම දුර දැරීමට නොහැකි බවට විනිසුරුවරයා දැනුම් දුන්නා.

views

785 Views

Comments

arrow-up