ලිට්රෝ ගෑස් සමාගමට පාරිභෝගික අධිකාරියෙන් නඩු

ලිට්රෝ ගෑස් සමාගමට එරෙහි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබෙනවා.
ඒ පසුගියදා කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ වෙළඳසැලක කළ වැටලීමකදී කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරය වෙනුවට ලීටර් 18 ක් ලෙස සඳහන් කළ ගෑස් සිලින්ඩර අලෙවි කිරීම සම්බන්ධයෙනුයි.
පාරිභෝගිකයන් නොමඟ යැවීම, විකිණීම සහ බෙදාහැරීම සම්බන්ධයෙන් අදාළ සමාගමට මෙන්ම ඒවා අලෙවි කළ වෙළඳ සැල් හිමියාට ද මෙලෙස නඩු පවරා තිබෙනවා.
රුපියල් 1493 කට අලෙවි කළ කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරය වෙනුවට ලිට්‍රෝ ගෑස් සමාගම රුපියල් 98 ක මුදලක් අඩුකර එනම් රුපියල් 1395 ක මිලකට ලීටර 18 ගෑස් සිලින්ඩරයක් හඳුන්වා දී තිබුණා. පාරිභෝගිකයන් චෝදනා කළේ මෙම ගෑස් සිලින්ඩරය නියමිත බරින් නොමැති බවයි.
මේ සම්බන්ධයෙන් දිගින් දිගටම කරුණු අනාවරණය කිරීමේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අදාළ සමාගමට දැනුම් දී තිබුණේ ලීටර් 18 ක් ගෑස් සිලින්ඩරය වෙළඳපොලෙන් ඉවත් කර පැරණි කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරය නිකුත් කරන ලෙසයි.
එම කටයුත්ත අදාල සමාගම මේ වන තෙක් ද ඉටුකර නොමැති අතර මේ නිසා දැනට වෙළඳපොලේ පවතින්නේ ලීටර් 18ක් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයයි.
1241 Views
Comments