තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කරයි

අද (09) උදෑසන 8.00 සිට තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ රක්වාන පොලිස් බල ප්‍රදේශයේ දොලකන්ද, රඹුක, කත්ලාන, තනබෙල, ඉඹුක්කන්ද සහ පොතුපිටිය දකුණ යන ග්‍රාම නිලධාරී කොට්ඨාස හුදකලා කර තිබෙනවා.
මීට අමතරව කලවාන පොලිස් බල ප්‍රදේශයේ පනාකොළ, කුඹුක්මිටිය, කුඩාව, දෙල්ගොඩ නැගෙනහිර, දෙල්ගොඩ බටහිර, ද්වාලගම, ගලහාගල, කොස්වත්ත සහ කපස්සර කන්ද ගාමනිලධාරි වසම්ද හුදෙකලා කර තිබෙනවා.
මීට අමතරව වතුරාව, වෙම්බිටියගොඩ, වැද්දාගල නැගෙනහිර, වැද්දාගල බටහිර, දවුල ගලගම යන ග්‍රාම සේවා වසම්ද හුදකලා කර තිබෙනවා.
මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ පානදුර දකුණ පොලිස් බල ප්‍රදේශයේ නාරම්පිටිය ග්‍රාම සේවා වසම මොහොතේ සිට හුදකලාභාවයෙන් ඉවත් කර තිබෙන බවද වාර්තා වනවා.
1303 Views
Comments