චීනයෙන් මෙරටට ලැබුණු එන්නත් ලක්ෂ 6 ක් WHO අනුමැතිය ලැබෙන තෙක් සීරුවෙන් !

කොරෝනා වෛරසය සඳහා ප්‍රතිකාරයක් ලෙස චීනයෙන් නිෂ්පාදනය කරන ලද සිනොෆාම් එන්නත ශ්‍රී ලංකාව තුළ හදිසි භාවිතයට අනුමැතිය ලබාගැනීම සම්බන්ධයෙන් මේ වන විට අවධානය යොමුකර තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කරනවා.
මේ වන විටත් චීනයෙන් ලැබුණු සිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ පවතින බවද ඔහු ප්‍රකාශ කළා. මේ නිසා එම එන්නත් මෙරට පුද්ගලයන් ලක්ෂ 3කට ලබා දීමේ හැකියාව ඇති බවයි සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ. කෙසේ නමුත් මේ වන තෙක් අදාළ එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී නොමැත.
ඒ හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබෙන තෙක් අපේක්ෂාවෙන් සිටින බව විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කළා. මේ වන විට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබා දුන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල ඉදිරිපෙළ සාමාජිකයින් 60 757 දෙනෙකුට එහි දෙවන මාත්‍රාව ලබා දී තිබෙනවා.
කෙසේ නමුත් පළමු මාත්‍රාව ලබා ගත් සියලු දෙනාටම දෙවන මාත්‍රාව ලබා දීමට මෙරට සතුව එන්නත් නොමැති බවයි වාර්තා වන්නේ. එමෙන්ම ඉන්දියාව තුළ ඇතිවී තිබෙන තත්වය හේතුවෙන් මේ වන විට එන්නත් සපයා ගැනීමද තරමක් අභියෝගයක් ඇති කර තිබෙනවා.
877 Views
Comments