රංජන්ට ජනාධිපති සමාව ලැබෙන ලකුණු

බන්ධනාගාර ගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබා ගැනීම සඳහා ලිඛිත ඉල්ලීමක් ලැබුනහොත් එය හිමිව වීමට ඉඩ ඇති බව රජයේ ඉහල ආරංචි මාර්ග සඳහන් කරයි.
රන්ජන් රාමනායක මහතා මේ වෙනවිට අධිකරණයට අපහාස කිරීමේ වරදට සිරදඬුවම් විඳිමින් සිටී. අධිකරණයෙන් වරදකරු කළ ඕනෑම පුද්ගලයෙකුට සමාව දීම සඳහා ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට ඇති බලය භාවිතා කරමින් රන්ජන් රාමනායක මහතාට සමාව ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත. ඊට ප්‍රතිචාර වශයෙන් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ එම ඉල්ලීම ලිඛිතව ලබා දුනහොත් ඒ පිළිබඳ සලකා බැලිය හැකි බවයි.
මේ අතරතුර දී නාමල් රාජපක්ෂ මහතා රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් විමසීම සඳහා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට ගිය අවස්ථාවේදී තමා දෙන ලිපියක් ජනාධිපතිවරයාට විය හැකිදැයි නාමල් රාජපක්ෂ මහතාගෙන් රන්ජන් අසා ඇත.
එවිට නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ එවැනි ලිපියක් තමා හරහා නොව නිසි පරිදි බන්ධනාගාර නිලධාරීන් හරහා ජනාධිපතිවරයාට යොමු කරන ලෙසයි.
දේශය ඇසුරිණි
561 Views
Comments