කුරුණෑගල ආසාදිතයන් වැඩි වීමක් සංචරණ සීමාද පනවයි

කුරුණෑගල කුඹුක්ගැටේ තිත්තවැල්ගාල ප්‍රදේශයේ කොරෝනා අසාදිත පුද්ගලයින් 29 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මේ වනවිට එම ප්‍රදේශයට සංචරණ සීමා පනවා තිබෙන බව කුඹුක්ගැටේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සිසිර බණ්ඩාර බස්නායක මහතා පවසනවා.
ප්‍රදේශයේ සිදුකළ PCR පරීක්ෂණ 97 කින් කොරෝනා ආසාදිත පුද්ගලයන් 32 දෙනෙකු වාර්තා වූ අතර ඉන් 29 දෙනෙක්ම තිත්තවැල්ගාල ප්‍රදේශය පුද්ගලයින් වී තිබීම මෙලෙස එම ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමට හේතු වූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළා.
මීට අමතරව මල්ලවපිටිය, දොඩම්ගස්ලන්ද, ඉබ්බාගමුව, මහව, ගනේවත්ත, කුලියාපිටිය යන ප්‍රදේශවලින් ද ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.
779 Views
Comments