"රත්මලාන ගුවන්තොටුපොළ විනෝදාස්වාදයට වෙන් කරනවා" - ප්‍රසන්න රණතුංග
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
11

"රත්මලාන ගුවන්තොටුපොළ විනෝදාස්වාදයට වෙන් කරනවා" - ප්‍රසන්න රණතුංග

"රත්මලාන ගුවන්තොටුපොළ විනෝදාස්වාදයට වෙන් කරනවා" - ප්‍රසන්න රණතුංග

දේශීය වශයෙන් ගුවන් යානා කේන්ද්‍රස්ථානයක් ලෙස රත්මලාන ගුවන් තොටුපොල සංවර්ධනය කිරීමට රජය යොදා ඇති වැඩ පිළිවෙල යටතේ රත්මලාන ගුවන් තොටුපළ විනෝදාස්වාදය සඳහා ගුවන් ගමන් මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට නියමිත බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

 

මේ යටතේ දී දේශීය ගුවන් මාර්ග හඳුනා ගැනීමත්, අලුත් ගුවන් ධාවන පථ හඳුනාගැනීමත්, එලෙස හඳුනා ගන්නා ස්ථානවලට පියාසර කිරීමට තිබෙන බාධාවන් ඉවත් කිරීම හෝ ලිහිල් කිරීමටත් අපේක්ෂිත බව සංචාරක හා සිවිල් ගුවන් මාත්‍යවරයා පවසනවා.

 

එමෙන්ම විනෝදාස්වාදය සපයන ගුවන් ගමන්, විවාහ උත්සව ආදියේ දී ගුවන් ගමන් ඡායාරූප ගැනීම, නාට්‍ය හා සිනමා කර්මාන්තයේ දී ගුවන් ගමන් සඳහා රත්මලාන ගුවන් තොටුපොළ යොදා ගැනීමට අපේක්ෂා කෙරෙනු ඇත.

 

තවද පුද්ගලික ගුවන් යානා සඳහා නැවතුම් සේවා සැපයීමටත් ඉන්ධන පිරවීමටත් වැනි සේවාවන් රත්මලාන ගුවන් තොටුපොල තුළ සපයනු ඇත.

 

කොරෝනා එන්නත් ලබාදීමෙන් පසුව ගුවන් තොටුපොළ අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා යලි විවෘත කරන බව පවසන අමාත්‍යවරයා, එහිදී ගුවන් සේවා සපයන සමාගම් සඳහා විශේෂ සහන ලබාදීමට කටයුතු කරන බව පැවසුවා.

 

ඒ අනුව ගුවන් යානා නවතා තැබීමේ ගාස්තු අයකිරීම වසරක් දක්වා අත්හිටුවීමටත් ගුවන් මගීන්ගෙන් අය කරනු ලබන ගුවන් තොටුපොල සේවා බද්ධ වසරක් දක්වා අය නොකිරීමටත් තීරණය කර තිබෙනවා.

views

835 Views

Comments

arrow-up