පස්සර බස් මගීන් 15 මරුතුරුළට යැවූ රියදුරා හොර ලයිසන් 5 කින් බස් එලවපු හැටි හෙළිවේ

ලුණුගල කොළඹ මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේදී මගීන් 15 දෙනෙකුට දිවි අහිමි කරමින් සිදු කළ බස් අනතුරෙහි රියදුරු වරින් වර වෙනත් පුද්ගලයින් 5 දෙනෙකුට අයත් රියදුරු බලපත්‍ර භාවිත කරමින් බස් රථ ධාවනය කොට ඇති බවට හෙළි වෙමින් පවතිනවා.
ඒ මෙම නොහික්මුණ රියදුරුගේ රිය ධාවනයේදී පොලිස් නිළධාරින් ඔහුගෙ සැබැ බලපත්‍රය පොලිස් භාරයට ගැනීම නිසාය.
කොරෝනා නිසා මුඛ ආවරණ පැලදීම හේතුවෙන් අනන්‍යතාවය හදුනා ගැනීම පොලිසියට අපහසු බැවින් ඔහු එලෙස පොලිස් දඩ ගෙවීමට පෙර වෙනත් අයගේ රියදුරු බලපත්‍ර වලින් බස් ධාවනය කොට ඇති බවයි පොලිසිය සැක පළ කරන්නේ.
මාර්තු 20 වැනි දින මෙම ඛේදවාචකය සිදු වු අතර අනතුරුව සිදු වෙද්දී මෙම රියදුරා බසයෙන් පැන තිබුණා.
මොහුගේ රිය ධාවනයට මීට පෙරද පැමිණිලි රැසක් තිබු අතර බස් රථයෙහි වේගය වැඩි යැයි මගින් කියූ නිසා කෝප රියදුරු බස් රථය කොට කොට ධාවනය කර ඔහුගේ නරක ගති පවා මගීන්ට පෙන්වා තිබුණා.
ඔහුගේ කොන්දොස්තරවයාද එවැන්නක්ය.
"අපි යන්නේ හයියෙන්,බැරිනම් බැහැලා යන්න" යැයි කොන්දොස්තරවයා අවස්ථාව කිහිපයකදීම මගීන්ට කෝපාවිශ්ඨ වී බැන තිබු බව ඇතැම් මගීන් මෙම අනතුරෙන් පස්සේ ෆේස්බුක් සටහන් දාලා තිබ්බා.
මේ රියදුරාට පොලිසිය දැන් කරන්න හදන්නේ මිනී මැරුම් චෝදනා දාල නඩු දාන්න.
4518 Views
Comments