මහින්දානන්ද අලුත්ගමගේ ස්වයං නිරෝධායනයට

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ස්වයං නිරෝධායනයට යොමුවී සිටී. ඒ ඇමතිවරයාගේ ආරක්ෂක අංශ සාමාජිකයෙකුට සහ රියැදුරන්ට කොවිඩ් 19 වෛරසය වැළඳී ඇති බව හඳුනා ගැනීමත් සමගයි.
මේ පිළිබඳව තම නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පසුගිය 27 වන දා සිට තමාගේ ආරක්ෂක අංශ සාමාජිකයෙකු හෝ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු හමු වූයේ නම් වහාම ස්වයං නිරෝධායනයට ලක්වන ලෙසයි
ඇමතිවරයාගේ පළමු PCR පරීක්ෂණයෙන් ඔහුට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වුවත් දෙවන PCR පරීක්ෂණය සිදු කෙරෙන තෙක් ඒ මහතා මෙලෙස ස්වයං නිරෝධායනය වීමට නියමිතයි.
590 Views
Comments