වාතයෙන් බෝ වෙන නව කොවිඩ් වෛරසයක් රට තුල ව්‍යාප්ත වී ඇති කථාව, බොරුවක්! - රවී කුමුදේශ්
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
25

වාතයෙන් බෝ වෙන නව කොවිඩ් වෛරසයක් රට තුල ව්‍යාප්ත වී ඇති කථාව, බොරුවක්! - රවී කුමුදේශ්

වාතයෙන් බෝ වෙන නව කොවිඩ් වෛරසයක් රට තුල ව්‍යාප්ත වී ඇති කථාව, බොරුවක්! - රවී කුමුදේශ්

වාතයෙන් බෝ වෙන නව කොවිඩ් වෛරසයක් රට තුල ව්‍යාප්ත වී ඇති කථාව, බොරුවක් බව රවී කුමුදේශ් මහතා සමාජ මාධය ජාලා වලට ප්‍රකාශයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

 

මේ එම සටහනයි..

 

උපුටා ගැනීම..

 

වාතයෙන් බෝ වෙන නව කොවිඩ් වෛරසයක් රට තුල ව්‍යාප්ත වී ඇති කථාව, බොරුවක්!

වාතයෙන් බෝවෙන නව කොරෝනා වෛරසයක් ව්‍යාපත වී ඇති බව පැවසෙන සියලු වාර්තා සත්‍යයෙන් තොරයි. කොරෝනා වෛරසය වාතයෙන් පැතිරෙන්නේ ද යන්න පිළිබඳව විවාදාත්මක තත්වයක් වෛරසය පැතිරුණු මුල් වකවානුවේ සිට බොහෝ පර්යේෂකයන්ගේ අවධානයට යොමු වී තිබුණු අතර ඒ පිළිබඳව තවමත් ස්ථිර නිකමනයකට එළඹී නැත.

 

ලෝක සෞඛ්‍ය සංවිධානයෙහි ආධාර සහිතව සිදු කෙරෙන පරීක්ෂණයක් මගින් එම වෛරසය වාතය මගින් පැතිර හැකි බවට කිසියම් කථිකාවක් පසුගිය ඔක්තෝබරයේ සිට ලොව පුරා සාක්ච්චා වෙමින් පවතින අතර, හිටි හැටියේම එය අද ඊයේ කරලියට පැමිණි අදහසක් ලෙස විශාල ප්‍රචාරයකට ලක් කරමින් තිබෙන්නේ, පසුගිය මාර්තු මාසයේ සිට PCR පරීක්ෂණ නොකරමින් අත්තනෝමතිකව ගණු ලැබූ තීරණවල වරද සඟවා ගන්න්නට විය හැකිය.

 

කොරෝනා වාතයෙන් පැතිරීමේ අවධානමක් සහිත රෝගයක් විය හැකි බැවින් ඊට පූර්ව වශයෙන් සූදානම් වීම වැදගත් බව අපද පිළි ගන්නා අතර, ඒ සදහා සූදානම් විය යුතු තත්වයන් පිළිබඳව වාර්ථාවක් අප පසුගිය ඔක්තෝබරයේ ලබා දුන් වාර්ථා කිසිදු අවධානයකට ලක් නොකරමින්, හිටි හැටියේ "එයර් බෝන් වසංගතයක්" කරලියට ගැනීමෙන් අප වරදා ගත් තැන නිවැරදි කිරීමට නොහැකි වන බැවින්, වසංගත පාළණයේ ඉදිරිය සදහා එය බරපතල බාධාවකි.

 

නව ප්‍රභේදයක් ශ්‍රී ලංකාවට අලුතින් ඇතුලු වූ කථාවද එවැනිම ප්‍රලාපයක් වන අතර, ප්‍රභේද හදුණා ගැනීමට අවශ්‍ය උපකරණ ඉල්ලන විටදී එය මග හරිමින් සිට් සෞඛ්‍ය බලධාරීන්, නොකල පරීක්ෂණ වල ප්‍රතිඵල කියන්නට හදිසිවී තිබේ. ශ්‍රී ලංකාව තුල ප්‍රභේද හදුනා ගැනීමේ පරීක්ෂණ සිදු කල හැකි එකක් හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව නොමැති අතර අවම තරමින් ප්‍රභේද අනුමාන කල හැකි PCR කට්ටල පවා භාවිතයට ගැනීමට PCR ප්‍රතික්‍රීයක මාෆියාකරුවන්ගෙන ඉඩ ලැබී නැත. PCR පරීක්ෂණ අවම කිරීම හේතුවෙන්, ප්‍රභේද හදුනා ගැනීමට පරමාණවත් තරම් නිදර්ශක ප්‍රමාණයක් නොලැබීම හේතුවෙන් ප්‍රභේද පිළිබඳ ඔවුන්ද මෙතෙක් විධිමත් පරීක්ෂණ සිදු කර නොමැත.

 

හමු වන රෝගීන්ගේ රෝග ලක්ෂණ "එංගලන්ත ප්‍රභේධයට" සමානකම් පවතින නමුත් එය ශ්‍රී ලංකාව තුල පවතින බව අවථා කිහිපයකදීම තහවුරු කර ඇති බැවින්, එය රට තුලට හිටි හැටියේ අළුතින් ඇතුලුවීමක් ලෙස සැලකිය නොහැක.

 

එනයින් විධිමත් පරීක්ෂාවකින් තොරව, රටට නව ප්‍රභේධයක් ඇතුළු වී ඇති බව හා එය වාතයෙන් බෝවන් බව ප්‍රචාරය කිරීමට විශාල උත්සාහයක් ගෙන ඇත්තේ, මාර්තු සහ අප්‍රේල් මාසයන්හිදී PCR පරීක්ෂණ අඩාල කල නිලධාරීන්ගේ වැරදි වසා ගැනීමටය.

 

රකුස්

 

උපුටා ගැනීම අවසන්..

 

ප.ලි. - මෙම ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාව තහවුරු කර නොමැති අතර නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කල යුතු බව අපේ අදහසයි.

 

 

 

 

 

 

 

source: theleader

views

956 Views

Comments

arrow-up