වරාය නගරය කොළඹ දිස්ත්‍රික්කයට ඇතුලත් කළා පිට රටට දුන්නා කියන එක බොරුවක් - අලි සබ්රි

කොළඹ වරාය නගරය ආථික කොමිෂන් සභාවේ වාර්තාව පිළිබඳව අද දිනයේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා සිය අදහස් පළ කළා.
එහිදී ඔහු පැවසුවේ ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක පනත යටතේ කොළඹ වරාය නගරය කොළඹ දිස්ත්‍රික්කය සඳහා අනුගත කොට ඇති බවයි.
එමෙන්ම ඒ කටයුතු සියල්ල නාගරික සංවර්ධන අධිකාරිය වෙත බාරදී ඇති බවත් ඔහු එහිදී ප්‍රකාශ කළා.
මේ අධිකරණ ඇමතිවරයා විසින් මාධ්‍ය සාකච්ඡාවේ දී පළ කළ අදහස්.
"වොයිස් කට් වලින් විතරක් මේ රට හදන්න බෑ.. ව්‍යාපාර කරන්න සුදුසු රටවල් කොහෙද කියලා බලනකොට අපි ඉන්නේ 99 වන ස්ථානයේ. තවත් රටවල් 98 ක් පහු කරල අපිට එන්න ඕන. ගිවිසුම සම්බන්ධයෙන් යම් ගැටලුවක් මතුවෙලා අධිකරණ ක්‍රියාමාර්ග වලට ගියාම අපි ඉන්නේ රටවල් 180 කින් 165 වන ස්ථානයේ. මේ හෙක්ටෙයාර 269 න් හෙක්ටෙයාර 91 ක් පොදු පහසුකම් සඳහා වෙන් කරලා තිබෙනවා. ඒවා විකුණන්න බෑ. තවත් හෙක්ටයාර් 116 ක් ව්‍යාපෘති සමාගමට දී තිබෙනවා. ඊට අමතරව තවත් 23% ක් රජයේ කොටස් වශයෙන් තිබෙනවා. හැබැයි මේවයේ 100% ක්ම රජය තමයි අයිතිකාරයා. ඒ නිසා වෙනත් රට වලට භූමි භාගයක් දුන්නා කියලා කියන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම බොරුවක්. මේ වෙන කොටත් පරිපාලන දිස්ත්‍රික්ක පනත යටතේ මේ කොටස කොළඹ දිස්ත්‍රික්කයට අනුගත කරලා තියෙනවා. ඒ සියල්ල දැන් නාගරික සංවර්ධන අධිකාරියට බාර දීලා තියෙන්නේ. රජයට අයිති නොවන 43% ක ප්‍රමාණය අවුරුදු 99 ක බද්දක් යටතේ තියෙන්නේ. ඔවුන් ඒක යළි බද්ධ කාට හරි බදු දෙනවා නම් නාගරික සංවර්ධන අධිකාරියේ අත්සන් කළ යුතුයි. ඒ නිසා මේක අපේ පාලනයෙන් මිදුනා කියන එක සම්පූර්ණයෙන්ම බොරුවක්. චීන සමාගමට විතරක් මේක ආයෝජනය කරන්න පුළුවන් කියන එකත් බොරුවක්. කැමති කෙනෙක්ට ඇවිත් මුදල් යොදවලා ආයෝජනය කරන්න පුළුවන්. ඒ වගේම මේකට බලපාන්නෙ සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවේ නීතිය. මේ අපේ රටේ සංවර්ධනයේ හැරවුම් ලක්ෂය. මේකට බය වෙන්න කිසිම දෙයක් නැහැ."
747 Views
Comments