MAY
02
වැලිකඩ බන්ධනාගරයේ කාන්තා අංශයට ඉහළින් ආ පාර්සලයේ දුරකථන 6 ක්

වැලිකඩ බන්ධනාගාරයේ වනාතමුල්ල ප්‍රදේශයේ පිහිටි කාන්තා අංශයේ තාප්පයට ඉහළින් ඉන් පිටත සිට දැමූ පාර්සලයක තිබී ඡංගම දුරකථන හයක් ඇතුළු තවත් උපකරණ කිහිපයක් බන්ධනාගාර නිලධාරීන් විසින් ඊයේ සොයාගෙන තිබෙනවා.
වාර්තාවන අන්දමට අදාල පාර්සලයේ තිබී ජංගම දුරකථන 6 ක්, බැටරි 8 ක්, චාජර් 5 ක්, සිම්පත් 4 ක් ඇතුළු තවත් ශ්‍රවණ උපකරණයක් සොයා ගත් බවයි පොලිසිය සඳහන් කරන්නේ.
1233 Views
Comments