කොවිඩ් රෝගීන් හොයාගන්න නැනෝ තාක්ෂණ ආයතනයෙන් නව පරීක්ෂණයක්

ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය විසින් කොවිඩ් ආසාදිතයන් හදුනා ගැනීම සඳහා නව පරීක්ෂණ කට්ටලයක් මේ වන විට අත්හදා බලමින් සිටී.
අඩු වියදමකින් කළ හැකි මෙම RT ලෑම්ප් තාක්ෂණය භාවිතා කර ගත් පරීක්ෂණයෙන් ඉතා කෙටි කාලයකදී ප්‍රතිඵල ලබාගත හැකි බව නැනෝ තාක්ෂණ ආයතනයේ ජෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ ආචාර්ය සංජය බතීගේ මහතා සඳහන් කර සිටී.
මෙම පරීක්ෂණ කට්ටලය නිපදවීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය මේ වෙනවිටත් හිමිවී ඇත.
මෙම තාක්ෂණය ලොව රටවල් රැසක මේ වෙන විටත් ක්‍රියාත්මක වන අතර ඇතැම් රටවලට වීසා ලබා ගැනීම සඳහා මෙම පරීක්ෂණය අනිවාර්ය කර ඇති බවද වාර්තා වේ.
රජය විසින් මෙම පරීක්ෂණය හදිසි අවස්ථාවන්හිදී භාවිතා කිරීමට අවසරය ලබා දෙන්නේනම් මාසයක කාලයක් තුළ අවශ්‍ය පරීක්ෂණ කට්ටල ලබා දීමට හැකි බව ආචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
source: hirunews
625 Views
Comments