මැර කල්ලියක් බොක්සින් සූරයාව කපා කොටා පුළුස්සා මහ මඟ දමා ගිහින්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
15

මැර කල්ලියක් බොක්සින් සූරයාව කපා කොටා පුළුස්සා මහ මඟ දමා ගිහින්

මැර කල්ලියක් බොක්සින් සූරයාව කපා කොටා පුළුස්සා මහ මඟ දමා ගිහින්

බොක්ෂිං ක්‍රිඩාවෙන් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කරදුන් දක්ෂ බොක්ෂිං ක්‍රිඩකයකුවූ එම්. එස්. දිනූෂ ලක්ෂාන් ක්‍රිඩකයා මහනුවරදී කිසියම් සංවිධානාත්මක කණ්ඩායමක් පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහරදී කපා කොටා පුච්චා හන්තාන සුළං ක්‍රිඩාංගණය ආසන්න පාඵ ප්‍රදේශයක දමා ගොස් සිටියදී හමුවූ බව ඔහුගේ ඥාතීහු පවසති.

 

මහනුවර රෝහල් පටුමඟේ පිහිටි සිය නිවසේ නිදා සිටියදී යතුරු පැදියක් සම්බන්ධයෙන් වූ ගණුදෙනුවක් පිළිබඳව කතා කරගැනීමට යැයි පවසමින් පුද්ගලයකු රෝහල් පටුමඟ හංදියට කැඳවාගෙන ගොස් එහිදී ත්‍රී රෝද රථ දෙකකින් පැමිණි මැර කණ්ඩායමක් යොදවා තම පුතුට යකඩ පොඵවලින් පහරදී පැහැරගෙන ගොස් ඇති බවට දිනූෂ ලක්ෂාන්ගේ මව වූ වී. කේ. පෙරේරා මහත්මිය පැවසුවාය.

 

කෙසේ නමුත් තම පුතුගේ ජංගම දුරකථනය හෝ ක්‍රියාත්මක නොවීම හේතුවෙන් පසුව තම ඥාතීන් හා හිතවතුන් එක්ව තම පුතු පිළිබඳව එදින රාත්‍රීයේදී කළ සොයා බැලීමේදී ඔහුට පහරදී කපා කොටා පුච්චා හන්තාන සුළං ක්‍රිඩාංගණය ප්‍රදේශයේ පාඵ ස්ථානයක දමා ගොස් සිටියදී හමුවූ බවට වැඩිදුරටත් පැවසුවාය.

views

274 Views

Comments

arrow-up