හිටපු ජනපතිනි චන්ද්‍රිකාගේ ආරක්‍ෂකයාගේ මල සිරුර බාල්කයේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
08

හිටපු ජනපතිනි චන්ද්‍රිකාගේ ආරක්‍ෂකයාගේ මල සිරුර බාල්කයේ

හිටපු ජනපතිනි චන්ද්‍රිකාගේ ආරක්‍ෂකයාගේ මල සිරුර බාල්කයේ

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ ආරක්ෂක අංශයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකුගේ මළ සිරුරක් ඔහුගේ නිවසේ බාල්කයක එල්ලෙමින් තිබියදී හමුවූ බව පොලිසිය කියයි.

 

ඊයේ දිනයේ පස්වරුවේ මෙම මළ සිරුර ඔහුගේ වේයන්ගොඩ ප්‍රදේශයේ නිවසේ තිබී පොලිසිය විසින් හඳුනාගෙන තිබේ.



මියගොස් ඇත්තේ 42 හැවිරිදි දෙදරු පියෙක් වන අතර ඔහුගේ අත් අකුරින් ලියූ බවට සඳහන් කුඩා ලේඛනයක් ද එහි තිබී හමුවී ඇතැයි පොලිසිය සදහන් කළේය.



මෙම පොලිස් සැරයන්වරයා දැනට මාස තුනකට පමණ ඉහත දී පැහැර ගැනීමට ලක්ව අතුරුදහන්ව සිටි අයකු බවද පොලිසිය සඳහන් කරයි.



සිදුවීම් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

views

215 Views

Comments

arrow-up