පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පෑලියගොඩ ප්‍රදේශයේදී අත්අංගුවට ගෙන ඇත.
පෑලියගොඩ පොලීසියට ලැබුණු පැමිණිල්ලක් මත ඊයේ(04) සිදුකළ විමර්ශනයකදී මෙම සැකකරුවන් අත්අඩංගුව ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 42 හා 45ක් වු පෑලියගොඩ ප්‍රදේශය පදිංචිකරුවන්ය.
03 වනදා රාත්‍රියේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය අසල තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකුව ඝාතනයකර ඇති අතර අත්අඩංගුවට පත්වූවන් දෙදෙනා අතින් ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 33ක් වු මීගහවත්ත පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරුවන් අද(05) අළුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
686 Views
Comments