රට කුණු කන්ටේනර් 40ක් තවමත් වරායේ

එංගලන්තයෙන් මෙරටට ආනයනය කර කසල බහාලුම් 40ක් ප්‍රතිඅපනයන තොරව තවමත් මෙරට පවතින බව පරිසර යුක්ති කේන්ද්‍රය සඳහන් කරනවා.
ඔවුන් මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා රේගුවට සහ මධ්‍යම පරිසර අධිකාරියට දැනුම් දුන්න ද මෙතෙක් එවැනි පියවරක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.
මේ පිළිබඳ අදහස් දක්වමින් රේගු නිලධාරීන් සඳහන් කරන්නේ මෙම බහාලුම් ප්‍රතිඅපනය නොකිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා දැනුවත් කර ඇති බවයි.
ඒ අනුව නීතිපතිවරයාගෙන් ලැබෙන උපදෙස් මත රේගුව කටයුතු කරනු ඇති.
797 Views
Comments