ගෑනුන්ට ගරු කරල කතා කරන්න, මාතර නම් එන්න එපා! කලිසම ගලවලා යවන්නෙ.. - වැලිගම රෙහාන් තිස්ස කුට්ටිආරච්චිට කියයි (Video)

සමගි ජන බලවේගයේ වැලිගම ප්‍රධාන සංවිධායක හිටපු නගරාධිපති රෙහාන් ජයවික්‍රම මහතා අද දින තම ෆේස්බුක් පිටුව යාවත්කාලීන කරමින් මෙලෙස සඳහන් කර ඇත.
පෙර දිනක සමගි ජන බලවේගයේ විරෝධතාවයට යාමට නොදීම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ලෙස පොලිස් නිලධාරීන් සමග ගැටුණු රෙහාන් නැවත මෙසේ කරලියට පැමිණ තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පෙර දින පාර්ලිමේන්තුව අමතා කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ආවේශීලීව අදහස් ප්‍රකාශ කරමින් රෙහාන් ජයවික්‍රම පවසා සිටින්නේ " ගෑනුන්ට කතා කරන්න ගරු කරන්න ඉගනගන්න , මාතර වැලිගම , දකුණු පලාතේ සීමාව පැන්නොත් මතක තියාගන්න කලිසම ගලවලා ගෙදර යවන්නේ "
වැඩිදුරටත් අදහස් දක්වමින් එතුමා පවසන්නේ දකුණේ ක්‍රමයට තම දෙමාපියන් තමන්ට උගන්වා ඇත්තේ සියල්ලන්ටම වඩා ගැහැණියට ගරු කල යුතු බවයි.
තම පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ බිරිඳ ජලනි ප්‍රේමදාස මැතිණියට පමණක් නොව සියලු කාන්තාවන්ට එක සේ ගරු කල යුතු බවත් , පාර්ලිමේන්තුව වැනි උත්තරීතර ස්ථානයක මෙවැනි තක්කඩි සක්කිලි ප්‍රකාශ සිදු කිරීම අනුමත කල නොහැකි බවත්, එතුමන්ට තමාගේ ප්‍රකාශ පිලිබඳ කිසියම් ප්‍රශ්නයක් ඇත්නම් තමාගේ පෞද්ගලික දුරකථන අංකයට ඕනෑම වෙලාවක ඇමතිය හැකි බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියා.
හිටපු නගරාධිපති රෙහාන් ජයවික්‍රම මහතා තම නිළ ෆේස්බුක් ගිණුම ඔස්සේ සිදු කල ප්‍රකාශය පහතින්,
2666 Views
Comments