මීරිගම ආසන්නයේ ප්‍රධාන දුම්රිය මාර්ගය ගිලා බැසීමෙන් දුම්රිය ගමනාගමනයට බාධා
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
14

මීරිගම ආසන්නයේ ප්‍රධාන දුම්රිය මාර්ගය ගිලා බැසීමෙන් දුම්රිය ගමනාගමනයට බාධා

මීරිගම ආසන්නයේ ප්‍රධාන දුම්රිය මාර්ගය ගිලා බැසීමෙන් දුම්රිය ගමනාගමනයට බාධා

ප්‍රධාන දුම්රිය මාර්ගයේ මීරිගම සහ විජය රජදහන දුම්රිය ස්ථාන අතර තිලිණගම ප්‍රදේශයේ දුම්රිය මාර්ගය ගිලා බැසීමෙන් අද(14) දහවල් වන විටත් දුම්රිය ගමනාගමනය එක් මංතීරුවකට පමණක් සීමාවී තිබුණි.

 

මෙම ගිලා බැස්ම කොළඹ දෙසට යන මංතීරුවේ දුම්රිය සිල්පර කොටන්වලට යටින් ඇති වී තිබූ අතර සිද්ධිය පිළිබඳව සැලවූ විගස දුම්රිය බලධාරීහු දුම්රිය ධාවනය එක් මංතීරුවකට පමණක් සීමා කිරීමට කටයුතු යෙදීය.

 

ගිලා බැසීමට ලක්වූ කොටස යථා තත්වයට කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ නඩත්තු ඒකකයේ නිලධාරීහු කටයුතු කරමින් සිටියහ.

views

783 Views

Comments

arrow-up