NOV
07
රවුටරයට විදුලිය ගැනීමට ගිය සිසුවා විදුලි සැර වැදී අවසන් ගමන් යයි

විදුලිසැර වැදීමෙන් ලුණුගල අලකොළගල ප්‍රදේශයේ පාසල් සිසුවෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ.
නිවසේ තිබූ අන්තර්ජාල සම්බන්ධතාවයට යොදාගත් රවුටරයකට විදුලිය ලබා ගැනීමට උත්සහ කිරීමේදී මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් තිබෙන්නේ 16 හැවිරිදි පාසල් සිසුවෙක් වන අතර ඔහුගේ සිරුර ලුණුගල රොහලේ තැන්පත් කර තිබේ.
ලුණුගල පොලීසීය වැඩිදුර පරික්‍ෂණ පවත්වයි.
890 Views
Comments