මට පුළුවන් හමුදාව දාලා බෙල්ලෙන් අල්ලලා කාබනික පොහොර පාවිච්චි කරපං කියලා කරන්න – ජනපති
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
07

මට පුළුවන් හමුදාව දාලා බෙල්ලෙන් අල්ලලා කාබනික පොහොර පාවිච්චි කරපං කියලා කරන්න – ජනපති

මට පුළුවන් හමුදාව දාලා බෙල්ලෙන් අල්ලලා කාබනික පොහොර පාවිච්චි කරපං කියලා කරන්න – ජනපති

කාබනික පොහොර ගැටළුවේදී තමන් ක්‍රියාකළේ නිවැරදි දේ සඳහා පමණක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

 

වැඩ නිමකළ මාර්ග 1,500ක් එකම දිනයකදී විවෘත කර ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට ඊයේ (06) එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ ගොවි ජනතාවට බලහත්කාරයෙන් කාබනික පොහොර සඳහා යොමු කිරීමට තමන්ට අවශ්‍යතාවයක් කිසිදු අවස්ථාවක නොතිබූ බවයි.

 

ඇතැම් පුද්ගලයින් බලාපොරොත්තු වන ආකාරයේ මිලිටරි ගෝඨාභය කෙනෙකු වීමට අවශ්‍ය නම් තමන්ට ඒ ආකාරයේ පුද්ගලයෙකු වීමටද හැකිමුත් තමන් එලෙස නොකරන බව ජනාධිපතිවරයා මෙහිදී පවසා සිටියා.

 

ඔහු පෙන්වා දෙන්නේ කාබනික පොහොර ස ඳහා ගොවීන් යොමු කිරීමට හමුදාව යොදාවා ගොවීන්ගේ බෙල්ලෙන් අල්ලා “කාබනික පොහොර පාවිච්චි කරපං” කිව හැකි නමුත් තමුන් එලෙස සිදු නොකරන බවයි.

views

912 Views

Comments

arrow-up