නාඳුනන මළසිරුරු 2ක් හඳුනාගැනීමට පොලිසිය මහජන සහය පතයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
14

නාඳුනන මළසිරුරු 2ක් හඳුනාගැනීමට පොලිසිය මහජන සහය පතයි

නාඳුනන මළසිරුරු 2ක් හඳුනාගැනීමට පොලිසිය මහජන සහය පතයි

ස්ථාන දෙකක තිබී සොයාගත් නාඳුනන මළ සිරුරු දෙකක් හඳුනාගැනීම සඳහා පොලීසිය මහජන සහය ඉල්ලයි.

 

වයස අවුරුදු 35ත් 40ත් අතර බවට සැක මුහුණට දැඩි ලෙස තුවාල සිදුවූ පුද්ගල මළසිරුරක් හොරණ පෝරුවදණ්ඩ ගනේවත්ත සුසාන භූමිය ආසන්නයේ රබර් වත්තක තිබියදී සොයාගෙන තිබේ.

 

එම මළසිරුරේ ගෙලෙහි රත්‍රං ධර්ම චක්‍රයක් සහිත මාලයක් තිබෙන බවත් එක් අතක වැලමිට දක්වා පච්චයක් කොටා ඇති බවත් පොලීසිය පවසයි.

 

මියගිය අයගේ හිසට සහ මුහුණට දැඩි ලෙස පහරදීමකින් මරණය සිදුව ඇතැයි පොලිසිය සැක කරයි.

 

මේ අතර වයස අවුරුදු 30 - 40 අතර තවත් නාඳුනනමළ සිරුරක් හමුව ඇතැයි පොලීසිය සඳහන් කරයි.

 

දුන්ගල්පිටිය, දකුණු පිටිපන, අලු‍ත්කූරුව ප්‍රදේශයේ වෙරළේ තිබී පෙරේදා(12) එම මළ සිරුර සොයාගෙන තිබේ.

 

පොලීසිය සඳහන් කරන්නේ මළ සිරුරේ වම් අතේ මාපටගිල්ල හා දඹරගිල්ල අතර “එස්” හැඩයේ පච්චයක් කොටා ඇති බවයි.

 

එම මළ සිරුර මීගමුව රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර තිබෙන අතර සිරුර හඳුනා ගැනීමට සහ මරණයට හේතුව සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

views

781 Views

Comments

arrow-up