NOV
21
ප්‍රශ්නගත චීන පොහොර සමාගමෙන් තවත් පොහොර තොගයක් මිලදී ගැනීමට සූදානම් වේ

මහත් ආන්දෝලනයකට තුඩු දුන් හානිකර බැක්ටීරියා සහිත කාබනික පොහොර මෙරටට ගෙන්වූ චීන සමාගමෙන් තවත් පොහොර තොගයක් මිලදී ගැනීමට අදහස් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරනවා.
කෙසේ නමුත් බැක්ටීරියා සහිත බවට තහවුරු කෙරුණු පොහොර තොගය නැවතත් භාර නොගන්නා බව අමාත්‍යවරයා අවධාරණය කරනවා.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ එම ප්‍රශ්නගත පොහොර තොග නැවතත් භාරගැනීමට සහ සාම්පල පරීක්ෂාවකින් අනතුරුව නව පොහොර තොගයක් සැපයීමට එම සමාගම එකඟ වී ඇති බවයි.
993 Views
Comments