ගොවීන්ට ගිනි අවි බලපත්‍ර ලබා දීමට අනුමැතිය

වගා හෙක්ටයාර දෙකකට වඩා වැඩියෙන් ඇති ගොවීනට ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීම සඳහා අනුමැතිය ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කලේය.
මීට ඉහතදී ගිනි අවි බලපත්‍ර ලබා දුන්නේ හෙක්ටයාර පහකට වඩා වගාවන් ඇති ගොවීන්ට පමණක් බව පැවසූ කෘෂිකර්ම අමාත්‍යවරයා වල් ඌරන් වැනි වන සතුන්ගෙන් වන හානිය ඉතා ඉහල බවට ගොවීන්ගෙන් ලැබුණු පැමිණිලි සලකා බලා ඉහත තීරණය ගත් බව කියා සිටියේය.
ප්‍රවාහනයේ දී සහ වන සතුන්ගෙන් වන හානි හේතුවෙන් ශ්‍රී ලංකාවේ කෘෂි නිෂ්පාදන වලින් 40%ක 50 %ක පමණ ප්‍රතිශතයක් අපතේ යන බවද කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසීය.
867 Views
Comments