අලුත් පාසල් වාරයේ අධ්‍යාපන කටයුතු නව ක්‍රමවේදයකට
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
07

අලුත් පාසල් වාරයේ අධ්‍යාපන කටයුතු නව ක්‍රමවේදයකට

අලුත් පාසල් වාරයේ අධ්‍යාපන කටයුතු නව ක්‍රමවේදයකට

දීර්ඝ කාලයක් තිස්සේ වසා දමා තිබුණු පාසල් යළි ආරම්භ වීමේදී අධ්‍යාපනය ලබාදීම සඳහා නව ක්‍රමවේදයක් සකස් කර ඇති බව ජාතික අධ්‍යාපන ආයතනය සදහන් කරනවා.

 

එහි අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා සඳහන් කළේ එහිදී අත්‍යවශ්‍ය විෂය කොටස් වෙත වැඩි අවධානයක් යොමු යොමුකර ඇති බවයි.

 

මෙම නව ක්‍රමවේදය පිළිබඳව අදහස් දැක්වූ අධ්‍යක්ෂවරයා.

 

"මෙම යෝජිත ක්‍රමවේදය අනුව 2020 සහ 2021 වසරවල දරුවන්ට අධ්‍යාපනයේදී අහිමි වූ පාඩුව ආවරණය කරගැනීමට වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. එය නොවැම්බර් සිට මාර්තු දක්වා කාලය වෙන් කරලා තියෙනවා. ඇතැම් විට එය අප්‍රේල් දක්වා යයි. ඒ කාලයේදී මේ අධ්‍යාපන පාඨමාලා පැවැත්වෙනවා. 3 ශ්‍රේණියේ සහ 4 ශ්‍රේණියේ සිටි දරුවා 5 ශ්‍රේණියට ගොස් 2022 මැයි සිට දෙසැම්බර් දක්වා ඒ අධ්‍යාපන කටයුතු සිදුකිරීමට අපි යෝජනා කරලා තියෙනවා. ඒ අනුව 2022 දෙසැම්බර් වනවිට දරුවන්ට තමන්ගේ අධ්‍යාපනය යථා තත්ත්වයට පත්කරගන්න අවස්ථාව ලැබෙයි. අපි කරලා තියෙන්නේ නැතිවූ කොටසින් මීළඟ ශ්‍රේණියට යෑමට අත්‍යවශ්‍යම කොටස ඉගැන්වීම."

 

 

views

774 Views

Comments

arrow-up