සතුන්ට බඳින ලද තුවක්කුවක් පත්තුවී දෙදෙනෙක් ජීවිතක්‍ෂයට

සතුන් දඩයම් කිරීමට බඳින ලද තුවක්කුවක් ක්‍රියාත්මකවීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇත.
ඊයේ(23) පස්වරුවේ තිරප්පනේ පොලිස් වසමේ මුරියාකල්ල වැව්පිටියේදී එම අනතුර සිදුව තිබිණි.
මියගොස් තිබෙන්නේ 60 සහ 44 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.
පුද්ගලයින් තිදෙනෙකු වැව්පිටියේ එලෙස ගමන් කරමින් සිට ඇති අතර දෙදෙනෙකුට වෙඩි වැදීමෙන් අනතුරුව අනෙක් පුද්ගලයා ගම්වාසීන්ගේ උදව් ඉල්ලීම සඳහා ගොස් නැවත වෙනත් මාර්ගයකින් පැමිණෙමින් සිටියදී තවත් බඳින ලද තුවක්කුවක් පත්තුවී එම උදව් ඉල්ලීමට ගිය පුද්ගලයාද තුවාල ලබා රෝහල්ගත කර ඇත.
සිද්ධිය සම්බන්ධව සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව තිරප්පනේ පොලීසිය සඳහන් කරයි.
ඔහු සන්තකයේ තිබූ සැකකටයුතු භාණ්ඩ කිහිපයක්ද පොලිසීය විසින් සොයාගෙන තිබිණි.
766 Views
Comments