වන අලි ප්‍රහාරයකින් තරුණයෙකු මරුට
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
17

වන අලි ප්‍රහාරයකින් තරුණයෙකු මරුට

වන අලි ප්‍රහාරයකින් තරුණයෙකු මරුට

වන අලියෙකු පහරදීමෙන් තරුණයෙකු මියගොස් ඇතැයි සාලියවැව පොලීසිය පැවසීය.

 

සාලියවැව, දන්ගස්වැව, සුදුවැල්ල ගොවිපල ප්‍රදේශයේ පදිංචිව සිටි රුවන්පුර ප්‍රභාත් මධුසංක නැමැති 24 හැවිරිදි තරුණයෙකු මෙසේ මියගොස් තිබේ.

 

එම පුද්ගලයා තම නිවසේ සිට ප්‍රදේශයේම පදිංචි ඔහුගේ හිතවතෙකුගේ නිවසකට ගොස් ඇති අතර අනතුරුව ඔහු එදින රාත්‍රීයේ එම නිවසේ ගතකර පසුදින (15) උදෑසනම ආපසු තම නිවසට ඒම සඳහා එම නිවසින් පිටත්වී ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

 

එසේ වුවත් දහවල් වනතුරු ඔහු සිය නිවසට නොපැමිණීම හේතුවෙන් ඔහුගේ පවුලේ උදවිය හා අසල්වාසීන් එක්ව සාලියවැව පොලීසියද දැනුවත් කර ඒ අවට ප්‍රදේශය පරීක්ෂාවට ලක්කර ඇති බවත්, එහිදී අදාළ තරුණයාගේ සිරුර කැලෑ රොදක තිබී හමුවී ඇති බවත් පොලීසිය සඳහන් කළේය.

views

754 Views

Comments

arrow-up