ලිංගික කටයුතු සඳහා ළමුන් සහ කාන්තාවන් අලෙවි කළ වෙබ් අඩවියේ හිමිකරු අල්ලයි

කාන්තාවන් සහ ළමුන් ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමට යොදාගත් අසභ්‍ය වෙබ් අඩවියක හිමිකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසා සිටියේ මෙම සැකකරු රත්නපුර කලවාන ප්‍රදේශයේ පදිංචි අයෙකු බවයි.
ගල්කිස්ස ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක් අපයෝජනය කළේයැයි කියන සිදුවීමට සම්බන්ධව ළමා හා කාන්තා කාර්යාංශය සිදුකරන විමර්ශනයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිද්ධියට අදාළව මේවන විට සැකකරුවන් 46 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබේ.
826 Views
Comments