පාර්ලිමේන්තුව වසා තැබීමෙන් කෝටි සියයක ලාභයක්

කොරෝනා අවදානම නිසා පාර්ලිමේන්තු කටයුතු සීමා වීමත් සමඟ වියදම් අඩුවීමෙන් රුපියල් බිලියනයකට ආසන්න මුදලක් මේ දක්වා ඉතිරිවී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
එම මුදල් ඉතිරි වී තිබෙන්නේ පාර්ලිමේන්තු රැස්වීම් සහ පාර්ලිමේන්තුවේ විවිධ කාරක සභා රැස්වීම් සීමාවීම හෝ නොපැවැත්වීම, ආහාර සැපයීම පාර්ලිමේන්තුව රැස්වන දිනට පමණක් සීමා කිරීම සහ කාර්ය මණ්ඩලය සීමිතව කැඳවීම යනාදී හේතු නිසා බව පාර්ලිමේන්තු නිලධාරීන් පවසයි.
පාර්ලිමේන්තු රැස්වීම් සීමාවීම, පාර්ලිමේන්තු සේවකයන් කැදවීම සීමා කිරීම නිසා විදුලිය, ජලය, ප්‍රවාහන වැනි පහසුකම්වලට වැය වන මුදල් විශාල වශයෙන් අඩුවී තිබෙන බව පෙන්වා දෙන එම නිලධාරීන් මෙම කාලසීමාවේදී වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියාත්මක නොකිරීමෙන්ද විශාල මූල්‍ය වාසියක් සැලසී ඇතැයිද පෙන්වා දෙන ලදී.
පසගිය කාලයේ පාර්ලිමේන්තුවේ කෝප් සහ කෝපා ඇතුළු කාරක සභා රැස්වීම් බොහොමයක් රැස්වූයේද සූම් තාක්ෂණය ඔස්සේය. එම නිසා රැස්වීම් සඳහා වැයවන වියදම්ද අඩුවී තිබෙන බව වාර්තාවේ.
පාර්ලිමේන්තු රැස්වීම් සඳහා තේ පැන් මෙන්ම වතුර බෝතල් සැපයීම සඳහාද විශාල මුදලක් වාර්ෂිකව වැය කෙරෙන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
798 Views
Comments