දෙහිවල සත්වෝද්‍යානයේ තවත් සතුන් හතර දෙනකුට කොවිඩ්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
18

දෙහිවල සත්වෝද්‍යානයේ තවත් සතුන් හතර දෙනකුට කොවිඩ්

දෙහිවල සත්වෝද්‍යානයේ තවත් සතුන් හතර දෙනකුට කොවිඩ්

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ ඔරං ඔටං දෙදෙනෙකුට සහ චිම්පන්සි දෙදෙනෙකුටද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි පී.සී.ආර් පරීක්ෂණයකින් තහවුරුවූ බව එහි ආරංචි මාර්ග සඳහන් කරයි.

 

මේ සම්බන්ධයෙන් විමලවීර දිසානායක මහතා පැවසුවේ එවැනි වාර්තාවක් ලැබී ඇති නමුත් ඒ සතුන් තවත් පරීක්ෂණ සඳහා යොමුකර එය ස්ථිරයෙන්ම තහවුරු කර ගන්නා ලෙසට සත්වෝද්‍යාන බලධාරීන්ට තමා උපදෙස් දුන් බවයි.

 

වාර්තාව කෙසේ වුවත් එම සතුන් සිවුදෙනා සුවසේ සිටින බවට තමාට තොරතුරු වාර්තා වී ඇතැයිද රාජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
 

කෙසේ වුවත් මේ පිළිබඳව තොරතුරු හෙළි වීමෙන් පසු එම සතුන් සෙසු සතුන්ගෙන් වෙන් කර නිරෝධායනයට යොමු කරනු ලැබ සිටිති.

 

සත්වෝද්‍යානයේ සිංහ දූපතේ සිංහයෙකුට සහ සිංහ ධේනුවකටද මෙයට පෙර කොවිඩ් ආසාදනය විය.

 

කෙසේ වුවත් එම සතුන් දෙදෙනා මේවනවිට සුවය ලබා සිටින බව එහි නිලධාරීහු පවසති.

views

728 Views

Comments

arrow-up