ගෑස් පිපිරීම්වලින් අගතියට පත් වූවන්ට විපක්ෂ නායකගෙන් නොමිලේ නීති සහාය
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
15

ගෑස් පිපිරීම්වලින් අගතියට පත් වූවන්ට විපක්ෂ නායකගෙන් නොමිලේ නීති සහාය

ගෑස් පිපිරීම්වලින් අගතියට පත් වූවන්ට විපක්ෂ නායකගෙන් නොමිලේ නීති සහාය

ගෑස් ආශ්‍රිත පිපිරීම් සහ ගිනි ගැනීම් වලින් සිදුවන අනතුරුවලින් අගතියට පත්වන පාර්ශවයන් වෙනුවෙන් නීති සහය නොමිලේ ලබාදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

 

විපක්ෂ නායකවරයා පෙන්වාදෙන්නේ මේවන විට ගෑස් ආශ්‍රිත අනතුරු 600ක් පමණ වාර්තා වී ඇති බවය.

 

මාධ්‍ය වෙත විපක්ෂ නායක කාර්යාලයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ බව කියා සිටියේය.

 

වැඩිදුරටත් අදහස් දැක්වු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා,

 

“මේ වන විට ගෑස් පිපිරීම් 600කට වැඩි ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා.

දරුවෝ 04කට අම්මා කෙනෙක් නැති වුණා. ස්වාමි පුර්ෂයෙකුට භාර්යාවක් නැතිවෙලා. කවුද මේ ජීවිතවලට වගකියන්නේ.

අද ආණ්ඩුවට බැරිවෙලා තියෙනවා ගෑස් පිපිරීම් ප්‍රශ්නයට විදිමත් විසඳුමක් දෙන්න.

ගෑස් මඟඩිය ඉදිරියේ අපේ රටේ අහිංසක ජනතාවගේ ජීවිත අහිමිවෙනවා. ආණ්ඩුව කරන්නේ අහක බලාගන්නවා.

සමගි ජන බලවේගයේ අපි මේ ගෑස් පිපිරීම් සිදුවු සෑම පාරිභෝගිකයෙක් වෙනුවෙන් නොමිලේ නීති සහය ලබාදෙනවා.

මේ ආයතන අධිකරණයට ගෙනගිහින් තමුන්නාස්සේලාට සිදුවු පාඩුවට වන්දි ලබාගැනීම සඳහා නොමිලේ නීති සහය ලබාදෙන්න අපි සුදානම් කියන එක මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා.

ඒ ගෑස් පිපිරීම් සිදුවුණු සියලු‍දෙනාගේ තොරතුරු දත්ත අපි පක්ෂ මුලස්ථානය වෙත ලබාදීමට කටයුතු කරා.”‍

views

659 Views

Comments

arrow-up