පොදු ප්‍රවාහන සේවා ඩිජිටල්කරණය කරයි

2022 වසරේ මගී ජනතාවට කාර්යක්ෂම සහ සුවපහසු පොදු ප්‍රවාහන සේවාවක් ලබාදීමට මේ වනවිටත් සැලසුම් සකස්කර ඇති බවත්, ඒ සදහා නවීන තාක්ෂණය භාවිතා කරමින් ප්‍රවාහන සේවා ඩිජිටල්කරණය කිරිමට කටයුතු කරන බවත්, ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරනවා.
අමාත්‍යවරිය මෙම කරුණු අවධාරණය කලේ, 2022 වසරේ ක්‍රියාත්මක කරනු ලබන ප්‍රවාහන සැලැසුම් පිලිබඳව අමාත්‍යාංශයේ නිලධාරින් සමග ඊයේ (07) පැවති සාකච්ඡාවකදීයි.
අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන “සහසර” ව්‍යාපෘතිය මගින් ඩිජිටල්කරණ වැඩපිළිවෙල ක්‍රියාවට නංවන බවත්, එහි එක් පියවරක් ලෙස පෞද්ගලික බස්රථ 2000ක් සඳහා GPS තාක්ෂණය ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියා.
802 Views
Comments