ජාත්‍යන්තර ඒඩ්ස් දිනය අදයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
01

ජාත්‍යන්තර ඒඩ්ස් දිනය අදයි

ජාත්‍යන්තර ඒඩ්ස් දිනය අදයි

මානව ප්‍රතිශක්ති ඌණතා ආසාදන රෝගය හෙවත් ඒඩ්ස් පිළිබඳ ජාත්‍යන්තර දිනය අදට යෙදී තිබේ.

 

ලොව පුරා ඒඩ්ස් රෝගීන් මිලියන 38ක් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

 

ශ්‍රී ලංකාවේද ඒඩ්ස් රෝගීන් 3700 සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන අතර ප්‍රතිකාර සඳහා යොමුව ඇත්තේ ඉන් රෝගීන් 2600ක් පමණ පිරිසක් බව වාර්තාවේ.

 

මෙම වසරේදී දිවයිනෙන් වාර්තා වූ නව රෝගීන් ගණන 495කි. එය පසුගිය වසරේදී හමුවූ රෝගීන් ගණනට වඩා රෝගීන් 132ක වැඩි වීමකි.පසුගිය වසරේදී මෙරටින් හමුවූ රෝගීන් ගණන 363කි.

views

706 Views

Comments

arrow-up