DEC
08
අදත් ප්‍රදේශ රැසකට විදුලිය කපයි

අද (08) දිනයේ ද දිවයිනේ ප්‍රදේශ රැසකට පැයක කාලයක් විදුලි කප්පාදුවක් සිදුකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ පස්වරු 06 සිට රාත්‍රී 9.30 දක්වා කාලය තුළ එම විදුලි කප්පාදුව සිදුකරන බවයි.
විදුලි කප්පාදුව සිදුකරන ප්‍රදේශ පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති අතර අවශ්‍යතාවය අනුව එය සිදුකිරීමට නියමිත බව ඔහු පැවසීය.
682 Views
Comments