අධ්‍යාපනයට අයවැයෙන් වාර්තාගත මුදලක්

මෙවර අයවැයේ සම්පූර්ණ වියදමින් 7.51%ක් අධ්‍යාපනය සඳහා වෙන් කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
ඔහු පැවසුවේ, අධ්‍යාපනය සඳහා මෙවැනි ප්‍රමාණයක් වෙන්කෙරෙන පළමු අවස්ථාව මෙය බවයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කලේ,
"බොහොම අමාරුවෙන් වුණත් මේ නිර්දේශිත සම්පූර්ණ මුදල මේ අයවැයෙන් වෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා දැනට වෙන්කරලා තියෙන මුදලට අමතරව ඒ කියන්නේ බිලියන 30ක් අපි ලබන අයවැයෙන් ගුරු හා විදුහල්පති වැටුප් විශමතා දුරු කිරීමට වෙන් කරන බව, ඉතිහසයේ පළමු වතාවට අධ්‍යාපනය සඳහා සමස්ත අයවැයෙන් 6% ඉක්මවන පළමු අවස්ථාව. මේ පාර අයවැයෙන් සම්පූර්ණ වියදමෙන් 7.51%ක් අධ්‍යාපනයට අපි වෙන්කරනවා."
695 Views
Comments