කුඩු බොන්න සල්ලි හොයන්න කාන්තාවන් බිය ගන්වා කොල්ල කෑ සොර කල්ලියක් මාට්ටු
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
04

කුඩු බොන්න සල්ලි හොයන්න කාන්තාවන් බිය ගන්වා කොල්ල කෑ සොර කල්ලියක් මාට්ටු

කුඩු බොන්න සල්ලි හොයන්න කාන්තාවන් බිය ගන්වා කොල්ල කෑ සොර කල්ලියක් මාට්ටු

පානදුර, වාද්දුව යන ප්‍රදේශවල මහමඟ ගමන් කරන කාන්තාවන්ට තියුණු ආයුධ පෙන්වා බියගන්වමින් ජංගම දුරකථන සහ මුදල් කොල්ලකෑම් සිදුකළ සංවිධානාත්මක සොර කල්ලියක සාමාජිකයින් තිදෙනෙකු ඊයේ(03) කළුතර අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

 පානදුර, පින්වත්ත සහ මොරොන්තුඩුව යන ප්‍රදේශවල පදිංචි 27, 31 සහ 32 හැවිරිදි පුද්ගලයින් තිදෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

 

ප්‍රදේශයේ සී.සී.ටී.වී කැමරා පරීක්ෂා කිරීමෙන් අනතුරුව තියුණු පිහි දෙකක, මන්නයක් සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගෙන සොරකම් කරනු ලැබූ නවීන ජංගම දුරකථන 2ක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

 

ඔවුන් පානදුර, එළුවිල, පින්වත්ත සහ වාද්දුව ප්‍රදේශවල කොල්ලකෑම් සිදුකර ඇත.

 

සැකකරුවන් තදින් මත්කුඩු භාවිතයට ඇබ්බැහි වුණු අය වන අතර සොරකම් කල මුදල් මත්කුඩු පානයට වැයකර ඇතැයිද පොලිසිය පැවසීය.

views

730 Views

Comments

arrow-up